Nov 25, 2021

කොදෙව්වන් පැරදූ ලංකාව ලෝක ටෙස්ට් ලයිස්තුවේ එක වෙයි

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 2021/2023 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
 
ඉන්දීය කණ්ඩායමට එහි දෙවැනි තැන හිමිව ඇති අතර පාකිස්තානය තෙවැනි ස්ථානයේත් කොදෙව් කණ්ඩායම සිව්වැනි ස්ථානයේත් එංගලන්ත කණ්ඩායම පස්වැනි ස්ථානයේත් රැදී සිටියි.
 
ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජය ගැනිමට අද සමත් විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top