May 25, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මූල්‍යාධාරයක්

රටේ පවතින අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ළමුන් සඳහා ළමා ප්‍රතිකාරවලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනු ඇත.

එමෙන්ම මහරගම අපේක්ෂා රෝහල වෙතට ද ඩොලර් මිලියනයක් ලබා දීමටද නියමිතය.

ඊයේ (24) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය කිරීමට අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top