ඔහු නව වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල ක්රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කරමිනි.
යුපුන් බිඳ දැමුවේ තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි.
පසුගිය වසරේදී ද යුපුන් මෙම ධාවන තරගයට එක් වූ අතර එහිදී තත්පර 10යි දශම 0යි 9ක කාලයක් සටහන් කළ ද සුළඟේ වේගය ධන 2යි දශම 2ක් ලෙස සටහන් වීම නිසා එය ශ්රී ලංකා වාර්තාවක් බවට පත් වූයේ නැත.
මේ වනවිට මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන් ය.
සබැඳි පුවත්
යුපුන් ඔලිම්පික් සිහිනයට තවත් ලං වෙයි