ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගනිමිනි.
බැංගලෝර් ජයග්‍රහනයත් සමග පළමු වරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වූ ලෝකේෂ් රාහුල්ගේ නායකත්වයෙන් යුත් ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
කෙසේවෙතත් ගුජරාට් ටයිටන්ස් පිල රාජස්තාන් රෝයල්ස් පිල පරදා තරගාවලියේ අවසන් මහා තරගයට පසුගිය 24 වැනිදා සුදුසුකම් ලබා ගත් අතර හෙට (27) පැවැත්වීමට නියමිත රාජස්තාන් රෝයල්ස් සහ බැංගලෝර් පිල සමග පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.
පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ලක්නව් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බැංගලෝර් පිලට ආරාධනා කළ ඔවුන් අතර නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 207 ක් රැස් කළේය.
බැංගලෝර් ඉනිමේ පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි රජත් පටිදාර් සිය ඉනිම ආරම්භයේ සිට වේගවත් පිතිහරඹයක නිරත වූ ඔහු නොදැවී ලකුණු 112 ක් රැස් කරමින් තම මංගල විස්සයි 20 ශතකයද වාර්තා කිරීමට සමත් විය.
පටිදාර්ගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් වූ අතර බැංගලෝර් පිලෙහි ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට ඔහුට හැකිවිය.
පටිදාර් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෙක් විමද විශේෂත්වයකි.
කෙසේවෙතත් විරාත් කෝලි පන්දු 24 ක මුහුණ දෙමින් ලකුණු 25 ක් රැස් කළ අතර දිනේෂ් කාර්තික් නොදැවී පන්දු 23 කට මුහුණ දෙමින් ලකුණු 37 ක් රැස් කළේය.
මෝසින් ඛාන් කුනාල් පාන්ඩ්යා අවේශ් ඛාන් සහ රවී බිශ්නෝයි අතර බැංගලෝර් පිලේ දවා ගත් කඩුලු 4 බෙදී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය සුපර් ජයන්ට්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.
නායක ලෝකේෂ් රාහුල් පන්දු 58 කට මුහුණු දෙමින් දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 79 ක් රැස් කළ අතර දීපක් හූඩා පන්දු 26කට මුහුණ දෙම්න් ලකුණු 45 ක් රැස් කළේය.
දීපක්ගේ ඉනිම පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමන්විත විය.
ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර පන්දු 4 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් ලබාගත්තද සිය කණ්ඩායම ඉලක්කය කරා රැගෙන යාමට නොහැකි විය.
බැංගලෝර් පිතිකරුවන් හමුවේ දුෂ්මන්ත චමීර දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර චමීරගේ පන්දුවාර 4 තුළදී ලකුණු 54 ක් ලබාදුන් අතර කඩුල්ලක් හෝ දවාගැනීමට ඔහුට නොහැකි විය.
ජොෂ් හේසල්වුඩ් ලකුණු 43 කට කඩුලු 3 ක් ද, මොහොමඩ් සිරාජ්, වනිඳු හසරංග සහ හර්ෂල් පතෙල් කඩුල්ල බැගින් දවාගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක වූහ.
පන්දු 54කට මුහුණ දෙමින් ලකුණු 112 ක් රැස් කළ රජත් පටිදාර් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.