ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියා විසින් මෙහෙයවනු ලබයි.
කෙසේවුවද, මෙවර අයි.පී.එල්. තරගාවලියට අලුත්ම කණ්ඩායමක් ලෙස එක් වූ ගුජරාට් ටයිටන්ස් පිල ඔවුන්ගේ මංගල තරගාවලියේදිම අවසන් මහා තරගයට එක් වීමට සමත්වීම විශේෂිතය.
මැතිව් වේඩ්, රෂීඩ් ඛාන්ථ ඩේවිඩ් මිලර්, මොහොමඩ් ෂාමි වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ගුජරාට් පිල නියෝජනය කරනු ලබයි.
සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කටයුතු කරන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මින් පෙර අයි.පී.එල්. කිරුළ දිනාගෙන ඇත්තේ එක්වරක් පමණි.
ඒ 2008 වසරේදීය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ජෝස් බට්ලර් රාජස්ථාන් පිල නියෝජනය කරන අතර තරගාවලියේ වැඩිම කඩුළු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන යුස්වේන්ද්‍ර චහාල්ද රාජස්ථාන් පිලේ සාමාජිකයෙකි.
රාජස්ථාන් පිලේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්කාර කටයුතු කරන අතර එහි පන්දු යැවීමේ පුහුණුකරු වන්නේද ශ්‍රී ලාංකික සුපිරි වේගපන්දුයවන්නකු වූ ලසිත් මාලිංගය.