ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.
තරඟයේ කාසිය වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.
එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 39ක් රැස්කළ අතර යෂස්වි ජයිස්වාල් 22ක් රැස් කළේය.
එමෙන්ම පන්දු යැවීමේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක හර්තික් පාණ්ඩ්යා කඩුලු 3ක් දවාගත් අතර රවිශ්රීනිවාසන් සායි කිෂෝර් කඩුලු 2ක් දවා ගත් අතර ජයග්රහණය වෙනුවෙන් ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18ක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටිය දී ලකුණු 133ක් ලබා ගනිමින් අවසන් මහා තරගයේ ජය වාර්තා කළේය.