යුපුන් අබේකෝන් එහිදී තප්පර 10.08 ක කාලයක් වාර්තා කළ අතර මෙය ඔහුගේ මෙම වාරයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලය ලෙස සඳහන් වේ.
ඔහු පසුගියදා ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි 6ක කාලයක් සටහන් කළේය.
මෙම තරඟයේදී යුපුන්ගේ ප්‍රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බයින්ද සිටි අතර එහිදී යුපුන් අබේකෝන් යොහාන් බ්ලේක් වඩා තප්පර බින්දුවයි දශම 3 ක් පිටුපසින් තරඟය අවසන් කිරීම විශේෂත්වයකි.
මීටර් 100 පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ මහා බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් වන අතර ඔහු තරගය නිම කළේ තත්පර 9.93කිනි.
මේ වනවිට මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන් ය.