Jun 16, 2022

වනිඳු අද තරගයට නෑ

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

තරගාවලියේ පළමු තරගය පසුගිය 14 වැනිදා පැවැති අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 300 ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 301 ක් හඹා ගියද ඉනිමේ 13 වැනි පන්දු වාරයේදී පතිත වුණු වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දු වාර 44 ක් තුළදී ලකුණු 282 ක ජයග්‍රාහි ලකුණ හඹා යාමට සිදුවිය.

තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එය ශ්‍රී ලංකාට එරෙහිව කඩුලු 3කින් ඔස්ටේලියාව ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. මේ අතර පළමු තරගය තුළදී ඇති වුණු මස්පිඬු ආබාධයක් හේතුවෙන් වනිදු හසරංග අද තරග නොකරනු ඇත.

අද තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.

ධනුෂ්ක ගුණතිලක,
පැතුම් නිශ්ශංක,
චරිත් අසලංක,
කුසල් මෙන්ඩිස් (Wk),
ධනංජය ද සිල්වා,
දසුන් ශානක (නායක),
චාමික කරුණාරත්න,
ජෙෆ්රි වැන්ඩර්සේ,
දුනිත් වෙල්ලාලගේ,
දුෂ්මන්ත චමීර,
මහේෂ් තීක්ෂණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top