Jun 17, 2022

දෙවැනි එක්දින තරගයේ ජය ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 220/9 රැස්කිරිමට සමත්විය.

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43කදී ලකුණු 216ක ඉලක්කයක් හිමිවිය.

කෙසේවෙතත් පන්දුවාර 37.1කදී සියලුම දෙනා දැවී ඔස්ට්‍රේලියාවට රැස්කළ හැකිවූයේ ලකුණු 189ක් පමණි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top