මේ අනුව එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු අතර මුල් ස්ථාන තුනේම පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.
නෙදර්ලන්ත කණ්ඩායමට ඒරෙහිව එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනෙකුම ශතක වාර්තා කිරීමට සමත්වූහ. ඒ් අනුව පිල් සෝල්ට් 122 (පන්දු 93), ඩේවිඩ් මාලන් 125 (පන්දු 109), ජෝස් බට්ලර් 162 (පන්දු 70) රැස්කළ අතර ලියම් ලිවින්ග්ස්ටොන් වේගවත් 66 (පන්දු 22) ක් රැස්කිරීමට සමත්විය.
මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම හයේ පහර 26ක් වාර්තා කිරීමට සමත්වූ අතර එය එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වෙයි.
එක්දින පිටියේ කණ්ඩායම් රැස්කළ වැඩිම ලකුණු
එංගලන්තය නෙදර්ලන්තයට එරෙහිව - 498/4 - 2022/06/17
එංගන්තය ඔස්ටේලියාවට එරෙහිව - 481/6 - 2018/06/19
එංගන්තය පාකිස්තානයට එරෙහිව - 444/6 - 2016/08/30
ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයට එරෙහිව - 443/9 - 2006/07/04