Jun 18, 2022

වනිඳුට සති 2ක් ක්‍රිකට් බෑ

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරඟ තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top