තරගය අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි ආරම්භවීමට නියමිතය.
තරග 05 කින් සමන්විත තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙක එකට එකක් ලෙස දෙපිලම ජය ගෙන සම තත්වයේ පසුවේ.
ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවයි.
මේ අතර පාදයේ ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවත් ඔහු අද තරගයට ද ක්‍රීඩා නොකරුනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුනම ඔහුට අහිමිවනු ඇතැයි ද පැවසේ.
වනිදු හසරංග පාදයේ ආබාධයකට ලක් වුණේ පළමු එක්දින තරගයේදීය.