Jun 20, 2022

මෙන්ඩිස්ට හෙට අවුලක් නැතිවෙයි

ඕස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වෙන සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට සහභාගී වීමේ හැකියාවක් පවතින බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ⁣වෛද්‍ය නිළධාරී දමින්ද අත්තනායක මහතා ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමිනුයි මේ බව තහවුරු කළේය.

දෙරට අතර පැවති තුන්වැනි එක්දින තරගය අතරතුරදී මෙන්ඩිස් සුළු ආබාධ තත්වයකට ලක්වුණි.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු දෙකයි තිහට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩංගනයේදි ආරම්භ වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top