Jun 22, 2022

ශතකය හා මැච් 1 ගැන අසලංක කතා කරයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති සිව්වන එක්දින තරගයේ වීරයා සම්මානය චරිත් අසලංක හිමිකර ගත්තේය.

චරිත් අසලංක ඊයේ (21) පැවැති තරයේ දී සිය මංගල එක්දින ශතකය රැස්කළේය.

තරගයෙන් අනතුරව මධ්‍ය වෙත අදහස් දැක්වූ චරිත් අසලංක මෙසේ පැවසීය.

"කියන්න දෙයක් නැහැ ගොඩක් සතුටුයි. ඔස්ට්‍රේලියාව කියන්නේ ගොඩක් ශක්තිමත් කණ්ඩායමක්. 20යි 20 ලොක් ශූරයෝ. ඒ අය පසුගිය කාලයේ හොඳටම කරනවා. අපි නැගී එන කණ්ඩායමක් විදිහට මට ගොඩක් සතුටුයි ශතයක් ගහලා මැච් එකක් දිනන එක. මොකද මම මැච් එකක් දිනවන්න ගහන කෙනෙක් විදිහට. විශේෂයෙන්ම ධනංජය සිල්වා අයියවත් මතක් කරන්න ඕනේ. එයාගේ දුන්න සහායත් ගොඩක් වටිනවා 34ට කඩුලු 3ක් ගිහිල්ලා තියෙන වෙලාවේ තමයි හොඳ සම්බන්ධතාවයක් ගොඩනැඟුවේ."

සබැඳි පුවත්

තිස් වසරකට පසු ශ්‍රී ලංකාවට අති විශිෂ්ථ ජයක්! (Highlights)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top