Jun 24, 2022

අවසන් තරගයට පෙර මාලිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස ක්‍රියාකරන අවසන් දවස අද (24) බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ තම නිල ෆේස්බුක් පිටුවට වීඩියෝ පටයක් මුදා හරිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය සහ කාර්ය සාධනය ගැන තමන් ඉතා ම සතුටු වෙන බවත් ලසිත් මාලිංග මෙහි දී අවධාරණය කරයි.

මෙම තරුණ කණ්ඩායම ගෙන යන තරඟකාරිත්වය පුදුම සහගත බව සහ තරගාවලිය හතරට එකක් ලෙස නිමා කිරීමට ද තමන් ඇතුළු කණ්ඩායමට හැකි බව ලසිත් මාලිංග අවසන් වශයෙන් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top