ශ්‍රී ලංකාව එම තරගය පරාජය වුවද මීට පෙර පැවැති තරග තුනක් ජයගෙන තිබීම නිසා තරගාවලියේ ජය 3-2ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවිය.
කොලඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 160ක් පමණි.
ඉතාමත් අසීරු තැනක තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 160 සිමාව හෝ පසුකර යාමට ශක්තිය එක්කළේ පන්දු පන්දු 75කදි ලකුණු 75ක් රැස් කළ චාමික කරුණාරත්නය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් පමණක් වැය කර ලකුණු 164ක් රැස්කමින් තරගය ජය ගැනිමට සමත් විය.
තරගයේ වීරයා ලෙස චාමික කරුණාරත්න සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ කුසල් මෙන්ඩිස්ය.