Jun 28, 2022

මෝගන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ලෝක කුසලානය දිනූ එංගලන්ත නායක ඉයන් මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

35 හැවිරිදි මෝගන් 2012 වසරේ දී එංගලන්ත විස්සයි - 20 කණ්ඩායම සහ 2014 වසරේ දී එංගලන්ත එක්දින කණ්ඩායම භාර ගත්තේය.

මෝගන් යටතේ එංගලන්තය 2019 ලෝක කුසලානය දිනාගත් අතර එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයට පැමිණියේය.

මෝගන් එංගලන්තයේ එක්දින සහ විස්සයි - 20 ක්‍රිකට් පිටියේ පිළිවෙළින් ලකුණු 6,957ක් සහ 2,458ක් ලබාගෙන සිටින වැඩිම ලකුණු ලාභියා ද වේ.

මෝගන් වෙනුවට නායකත්වයට ජොස් බට්ලර් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top