Jun 29, 2022

පැරා ක්‍රීඩක දුලාන්ගෙන් ලෝක වාර්තාවක් Featured

ඊයේ (28) සහ අද (29) කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන ජාතික පැරා මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට පැරාලිම්පික් ක්‍රීඩක සමිත දුලාන් සමත් වී තිබේ.

ඔහු වාර්තා කළ දු වන්නේ මීටර් 66.60 කි.

මෙතෙක් එම තරග කාණ්ඩයේ පැවැති ලෝක වාර්තාව ලෙස සටහන් වන්නේ මීටර් 66.29 කි.

ඔහු පසුගිය 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලළේ F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

යුද හමුදා පොලිස් සේවා බලකායෙන් පැරාලිම්පික් උළෙලක් සඳහා සහභාගී වෙන පළමුවැන්නා ලෙසින් ඔහු ටොකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි විය.

Dulan1 670px 22 06 29

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top