Jul 01, 2022

යුපුන් ලෝක මළල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබාගනී (වීඩියෝ) Featured

ස්විස්ටර්ලන්තයේ පැවති ස්ටොක්හොල්ම් ඩයමන්ඩ් ලීග් 2022 තරගාවලිය සඳහා සහභාගී වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරගයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඊයේ (30) රාත්‍රියේ පැවති මෙම තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන් තරඟය තප්පර 10.21 කින් අවසන් කළේය.

මෙම තරඟ වාරයේ දී ඔහු දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 42 වැන්නා බවට පත් වෙමින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ඔහු සමත් විය.

මෙම තරගයේ පළමු ස්ථානය තත්පර 10.02ක කාලයකින් ඉසව්ව අවසන් කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බීනි හට හිමි වෙද්දී තත්පර 10.15ක කාලයකින් තරගය අවසන් කළ රීස් ප්‍රෙස්කොඩ් දෙවැනි ස්ථානය දිනා ගත්තේය.

සබැඳි පුවත්

යුපුන් සිය දෙවන හොඳම කාලය වාර්තා කරයි

යුපුන් වාර්තා පිට වාර්තා තබයි..!

යුපුන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි

යුපුන් ගෙන් තවත් වාර්තාවක්

මීටර් 150 ඉසව්වේ රන් පදක්කම යුපුන්ට

යුපුන් අබේකෝන් ලංකාව ඉහළට ඔසවයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top