Jul 01, 2022

මැතිව්ස්ට කොවිඩ්

ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

ඔහු තරමක අසනීප තත්ත්වයකින් පසුවී ඇති බැවින් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින මේ බව හෙළදරව් වී තිබේ.

Covid-19 වැළැක්වීමේ ක්‍රමවේද අනුව ඔහු සෙසු කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඉවත්කර හුදකලා කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මැතිව්ස් වෙනුවට ඕෂද ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

Mathews1 670px 22 07 01

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top