Jul 01, 2022

කැන්ගරුවන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

 

අද (01) දිනය අරඹන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවි ලකුණු 313ක් රැස්කරගෙන සිටි අතර ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 321කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද උදෑසන සමත් වුණි.ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 212ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ඇරඹුවේ ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 109ක් පසුපසින් සිටිමින්ය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිම සඳහා පන්දුවාර 22යි පන්දු 5කදී සියළු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණි.

සබැඳි පුවත්

මැතිව්ස්ට කොවිඩ්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top