Jul 02, 2022

පාපන්දු ලොක්කෙක් කෝටි 5කට විදලා

තරගාවලි විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු විසින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී තිබේ.

කෝප් කමිටුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගෙන් විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා නිර්දේශ කර ඇත.

එමෙන්ම ආයතනයේ ප්‍රසම්පාදන සැලැස්ම පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව පවසා ඇති අතර පාපන්දු සම්මේලනයට 2017 වසරේ සිට නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුවී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top