Jul 04, 2022

තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දිනූ යුපුන් යළිත් ඉතිහාසගතවෙයි

මීටර් 100 ඉසව්වක් තත්පර 10කට අඩු කාලයකින් අවසාන කිරීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා හා දකුණු ආසියානු කලාපයේ පළමුවැන්නා බවට පත්වීමට කෙටිදුර ශූර යුපුන් අබේකෝන් ඊයේ (03) සමත් විය.

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයට අමතක නොවන දිනයක් එක් කරමින් දකුණු ආසියානු කෙටිදුර ශූර යුපුන් අබේකෝන් 42 වැනි Resisprint International Championship හි මීටර් 100 අවසන් තරගය තත්පර 9.96ක කාලයකින් අවසන් කරමිනි.

මෙම දක්ෂතාවය සමඟින් යුපුන් ආසියාවේ හොඳම දක්ෂතා වාර්තා කළ ක්‍රීඩකයින් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම ද සුවිශේෂී කරුණකි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top