Dec 09, 2016

පෘථිවිය වටා ගිය ප්‍රථම ඇමෙරිකානුවා මියයයි

පෘථිවිය වටා සැරිසැරූ ප්‍රථම ඇමෙරිකානු ගගනගාමියා වන ජෝන් ග්ලෙන් මෙලොවින් සමුගෙන තිබේ.

සති දෙකක් පුරා රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මියගිය ඔහු, 95 වියේ පසුවිය.

ජෝන් ග්ලෙන් 1962 වසරේදී පෘථිවිය වටා ගමන් කළේ ෆ්‍රෙන්ඩිෂිප් – 7 අභ්‍යවකාශ යානයෙන් වන අතර, ඒ වන විට ඇමෙරිකාව, සෝවියට් දේශය සමඟ අභ්‍යවකාශ ගවේෂණ තරඟයකට එළැඹ තිබුණි.

1998 වසරේ අවුරුදු 77 ක්ව සිටියදී ඔහු නැවතත් වාර්තා පොතට එක්වූයේ අභවකාශයේ සංචාරය කළ වයස්ගතම පුද්ගලයා බවට පත්වෙමින්.

ග්ලෙන් – වර්ජනියා ප්‍රාන්තයේ ආලින්ටන් ජාතික සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top