Dec 09, 2016

ඇලෙප්පෝ ගැටුම් වල විරාමයක්

සිරියාවේ නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ සටන් මෙහෙයුම් කටයුතු තවකාලිකව නවතා දැමීමට සිරියානු හමුදාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ගැටුම් පවතින ප්‍රදේශය් කොටුවී ඇති සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට ඉඩ ලබාදීම මෙහි අරමුණ බව රුසියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය - සෙයිජි ලැව්රොව් පවසයි.

මෙම ප්‍රදේශයේ මෙලෙස කොටුවී සිටින සිවිල් වැසියන් 8,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය සිවු වසරක කාලයක් පුරාවට කැරළිකරුවන් අත පැවති ප්‍රදේශයක් වන නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශයේ 75%ක් පමණ යළිත් සිය පාලන ප්‍රදේශ බවට පත්කර ගැනීමට සිරියානු රජයේ හමුදා මේ වන විට සමත්ව සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top