ප්‍රායෝගික ලෙස සාර්ථක වූ පියවර ගැනීම හේතුවෙන් නවසීලන්තයේ පනවා ඇති සීමාවන් මේ වන විට ලිහිල් කිරීමට හැකිවී ඇති අතර, මේ අනුව, සමාජ දුරස්ථභාවය රැකීමට පනවා ඇති දැඩි නීති යටතේ එරට අවන්හල් හා කැෆේ විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
කෙසේවෙතත්, මෙම නීති හුදෙක් මහජනයාට පමණක් සීමා නොවන බව ආර්ඩර්න් පසුගිය සෙනසුරාදා ඔප්පු කර තිබුණි.
ජසින්ඩා හා ඇගේ සහකරු වන ක්ලාක් ගේෆර්ඩ් ආහාර ගැනීමට සෙනසුරාදා දිනයේදී වෙලින්ටන් අගනුවර පිහිටි 'ඔලිව්' නම් අවන්හලක් වෙත ගොස් තිබේ. සමාජ දුරස්ථභාවය රැකීමට පනවා ඇති නීති යටතේ එම අවන්හල තුළ වරකට රැඳී සිටිය හැකි උපරිම පාරිභෝගියන් පිරිස එහි සිටී ඇති බැවින් මොවුන් දෙදෙනාව හරවා යවා තිබේ.
මේ සම්බන්ධයෙන් පළවී තිබූ ට්විටර් පණිවිඩයකට පිළිතුරු ලබාදෙමින් ගේෆර්ඩ් පවසා තිබුණේ එය තමාගේ වරදින් සිදුවූවක් බවයි. තමා කලින් ස්ථානයක් වෙන්කරවා ගැනීමට තමා කටයුතු නොකළ බැවින් එහි වගකීම තමා සතු බව ඔහු සඳහන් කරයි. කෙසේවෙතත්, ස්ථානයක් නිදහස් වූ වහාම එම අවන්හලේ සේවකයෙකු තමන් පසුපස පැමිණ ඒ බව දැන්වූ බවත්, අතිවිශිෂ්ට සේවවක් ලැබුනු බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔලිව් අවන්හලේ අයිතිකරු පවසා තිබුණේ පසුව ආර්ඩර්න් හා ගේෆර්ඩ් දිවා ආහාරය ගෙන අඩපැයකින් නික්ම ගිය බවත්, ඇයටද සාමාන්‍ය පාරිභෝගිකයෙකුට දක්වන් සැලකිලි දැක්වූ බවත්ය.
සිය කාර්යමණ්ඩලය සියලු නීතිරීති අනුව කටයුතු කරන බැවින් අගමැතිනිය පැමිණීම සම්බන්ධයෙන් අමතර පීඩනයක් ඇති නොවූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
(මූලාශ්‍රය : NZ Herald)