Sep 26, 2021

රුවන්ඩා සංහාරය පසුපස සිටි ප්‍රධානියෙකු මියයයි

වසර 1994දී සිදුවූ කුප්‍රකට රුවන්ඩා සංහාරය හා සම්බන්ධ එරට හිටපු හමුදා කර්නල්වරයෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.
 
එවකදී රුවන්ඩා ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ධූරයක සිටි Théoneste Bagosora රුවන්ඩා සංහාරයේදී පුද්ගලයන් 800,000 ක් පමණ සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවී මාලි රාජ්‍යයේ සිරදඬුවම් විදිමින් සිටියේය.
 
මිය යන විට ඔහු 80 වියේ පසුවිය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලද අපරාධ අධිකරණයක් විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබුණද, එය පසුව 35 වසරක් දක්වා අඩු කෙරිණි.
 
ඔහුගේ පුත්‍රයා වන අෂිල් බීබීසී ලෝක සේවයට පවසා තිබුණේ හෘද රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි සිය පියා  මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පිහිටි රෝහලකදී මිය ගිය බවයි.
 
රුවන්ඩා ජන සංහාරයේදී වැඩිවශයෙන් ටුට්සි වාර්ගියක් ඇතුළු 800,000 ක් පමණ පිරිසක් දින 100ක් තුළදී මරාදමනු ලැබුණි.
 
රුවන්ඩාවේ එවකට ජනාධිපතිව සිටි Juvenal Habyarimana රැගත් ගුවන් යානයක් 1994 අප්‍රේල් 6දා වෙඩි ප්‍රහාරයකින් බිම හෙළුනු අතර, යානයේ සිටි සියළු දෙනාම ජීවිතක්ෂයට පත්විය. රුවන්ඩා සංහාරය ඇරඹුනේ මෙම සිද්ධියෙන් අනතුරුවයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top