Sep 26, 2021

කැනඩාවේ රඳවාගෙන සිටි Huawei CFO යළි චීනයට

වසර තුනකට ආසන්න කාලයක් කැනඩාවේ රඳවා තබා ගැනීමෙන් පසු නිදහස් කරන ලද හුවාවේ තාක්‍ෂණික සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන  - මෙං වන්ජෝ ඊයේ (25) පස්වරුවේදී යළිත් සිය මව්රටට ගොස් තිබේ.
 
ඇය රැගත් යානය දකුණුදිග චීනයේ ෂෙන්ජෙන් නගරයට ගොඩබැස්වූ අවස්ථාවේදී ප්‍රීතිඝෝෂා නගමින් විශාල පිරිසක් ගුවන්තොටුපලට පැමිණ සිටි බව චීන මාධ්‍ය සඳහන් කරයි.
 
ඇයව නිදහස් කිරීමට පැය කිහිපයකට පෙර, ඔත්තුබැලීමේ චෝදනා මත චීනයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයන් දෙදෙනෙකුද මුදා හැර තිබුණි.
 
මෙලෙස නිදහස් වූ මයිකල් ස්පැවෝර් සහ මයිකල් කොව්රිග් බටහිර දිග කැනඩාවේ කැල්ගරි නගරයට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ද හමුවී තිබුණි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top