Sep 28, 2021

සුනඛ මස් තහනම් කිරීම ගැන කොරියානු ජනපති කතා කරයි

සුනඛ මස් අනුභවය තහනම් කිරීමේ හැකියාව පිළිබඳව පළමුවරට දකුණු කොරියාවේ ජනපති මූන් ජේ-ඉන් මහතා මත පළකර කිබේ.

කාලයත් සමග දකුණු කොරියාවේ සුනඛ මස් අනුභවය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස් ඇති අතර, ජීවිතයේ කෙදිනකවත් සුනඛ මස් අනුභව කර නැති බව බෙහෝ කොරියන් ජාතිකයන් පවසයි.

කෙසේවෙතත්, දකුණු කොරියාව තුළ වසරකට සුනඛයන් මිලියනයක් පමණ මස් සඳහා මරාදමන බවට ඇස්තමේන්තු කර තිබේ.

සුනඛ මස් අනුභවය තහනම් කිරීම පිළිබඳව "විචක්ෂණශීලීව සලකා බැලීමට" කාලය එළැඹ ඇතැයිද යන්න පිළිබඳව මූන් ජේ-ඉන් මහතා, කොරියානු අගමැති සමග හමුවකදී ප්‍රශ්ණ කර තිබේ.

සුනඛයින් හා බළලුන් කුරිරු ලෙස ඝාතනය තහනම් කිරීම සඳහා මේ වන විටත් දකුණු කොරියාවේ නීතිරීති පවතියි. කෙසේවුවත්, එම මස් අනුභව කිරීම තහනම් නොවේ.

සත්ත්ව අයිතීන් පිළිබඳ පෙනී සිටින ක්‍රියාධරයන් විසින් මූන් මහතා ගේ මෙම ක්‍රියාව ප්‍රශංසා කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top