Sep 28, 2021

ලිංගික අපයෝජන චෝදනා වලට ආර්. කෙලී වරදකරු වෙයි

දශක දෙකක් පුරාවට සිය සුපිරි තරු තත්ත්වය අවභාවිතා කරමින් කාන්තාවන් සහ ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත.

ඔහු විසින් ලිංගික අපයෝජනයට හා හිංසනයට ලක්කරනු ලැබූ කාන්තාවන් නව දෙනෙක් සහ පිරිමින් දෙදෙනෙකු සති 6ක් පුරා පැවති නඩු විභාගයකදී පෙනී සිට ඇත.

ආර්. කෙලී හට එල්ල වන සියලු චෝදනාවන්ට ඔහු වරදකරු බවට ජූරිය තීරණය කර තිබුණේ දින දෙකක් පුරා මෙම කරුණු සැලකීමෙන් අනතුරුවයි.

ඔහුට එරෙහිව දඬුවම් නියම කිරීම මැයි 04දා සිදුකිරීමට නියමිතය.

I Believe I Can Fly යන සම්මානලාභී ගීතයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ ආර්. කෙලී විසින් ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්ත අතර කාන්තාවන් ජාවරම් කිරීම මෙන්ම ළමුන් යොදාගෙන අසභ්‍ය චිත්‍රපට (child pornography) නිපදවූ බවටද මේ වන විට හෙළිදරව් වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top