Sep 30, 2021

ජනාධිපතිවරණයට වැඩිපුර මුදල් වැය කළ සාකෝසිට සිරදඬුවම්!

වසර 2012දී යළි බලයට පත්වීමේ අරමුණෙන් සිදු කළ සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් නීති විරෝධී ලෙස අරමුදල් සැපයීම හේතුවෙන් හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසරක සිර දඬුවමක් නියම කර තිබේ.
 
ප්‍රංශ මැතිවරණ නීති අනුව මැතිවරණයක් සඳහා, වියදම් කළ හැකි ඩොලර් මිලියන 24 සීමාව ඉක්මවමින් ඊට දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් වූ ඩොලර් මිලියන 54කට වඩා මුදලක් වැය කර ඇති බවට පැරිස් අධිකරණයක් හමුවේ ඔහු වරදකරුවෙකු බවට පත් වී තිබේ. ඔහු මෙලෙස සිදුකර ඇත්තේ ව්‍යාජ ඉන්වොයිසි යොදාගනිමිනි. 
 
කෙසේවෙතත්, ඔහු 2021 ජනධිපතිවරණයේදී පරාජයට පත්විය.
 
සිරගෙදරක් තුළ මෙම දඬුවම විඳීම වෙනුවට සාකෝසි හට ඉලෙක්ට්‍රෝනික් වළල්ලක් දමා නිවසේදී මෙම දඬුවම් කාලය ගතකළ හැකි බවට ද අධිකරණය තීන්දු කර තිබුණි.
 
තමා කිසිඳු වරදක් සිදුකර නැති බව පවසන සාකෝසි, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
සාකෝසි මෙලෙස වසරක සිරදඬුවමක් ලබන්නේ දෙවැනි වරටයි. දූෂණ හා බලපෑම් සඳහා ඔහුට මේ වසරේ මාර්තු මාසයේදීද සිරදඬුමක් නියම විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top