Oct 04, 2021

උතුරු හා දකුණු කොරියාව අතර දුරකතන ඇමතුමක්

මාස කිහිපයකට පසුව උතුරු හා දකුණු කොරියාව අතර දුරකතන ඇමතුමක් වාර්තා වේ.

උතුරු කොරියාව විසින් දෙරට දේශසීමාව අතර වූ ක්ෂණික ඇමතුම් අංකය බැහැර කළ මාස ගණනකට පසුව මෙලෙස දකුණු කොරියාව හා සන්නිවේදන සම්බන්ධතා යථා තත්වයට පත් කර ඇත.

කොන්දේසි සහිතව මෙලෙස දෙරට අතර යළි සබඳතා ගොඩනගා ඇති නමුත් එම සබඳතාවය "දකුණු කොරියානු බලධාරීන්ගේ ආකල්පයන්" මත රඳා පවතින බව ද උතුරු කොරියාව පවසයි.

අවසන් වරට දෙරට අතර දුරකතන ඇමතුමක් පැවැත්වුණේ අගෝස්තු මාසයේදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top