Oct 17, 2021

රුසියාවේ දෛනික කොවිඩ් මරණ ගණන 1000 පන්නයි!

කොවිඩ්-19 වසංගතය ආරම්භ වී පළමුවරට රුසියාවේ දෛනික කොවිඩ් මරණ ගණන 1,000 සීමාව ඉක්මවාගොස් තිබේ.

පසුගිය සතිය පුරාවටම රුසියාවේ කොවිඩ්-19 මරණ ගණන වැඩිවෙමින් තිබුණු අතර, රුසියානු ජාතිකයන් විසින් එන්නත් ලබානොගැනීම මීට හේතුව බව ක්‍රෙම්ලිනය  චෝදනා කර සිටියි.

මේ වන විට රුසියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 මරණ ගණන 222,000ක් වන අතර, එය යුරෝපා රටවල් වලින් වාර්තා වන වැඩිම මරණ ගණනයි.

රුසියානු ආර්ථිකය දිගටම ක්‍රියාකාරීව පැවැත්වීමට අවශ්‍ය බව පවසමින් එරට බලධාරීන් විසින් දැඩි සීමා ගෙන ඒමෙන් වැළකී සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top