Oct 18, 2021

ගණිකා වෘත්තිය තහනම් කරන්න ස්පාඤ්ඤ අගමැතිගෙන් පොරොන්දුවක්

ස්පාඤ්ඤයේ ගණිකා වෘත්තිය තහනම් කිරීමට අගමැති පේද්‍රෝ සැන්චෙස් පොරොන්දු වී තිබේ.

වැලෙන්ෂියා නගරයේ පැවති සිය සමාජවාදී පක්ෂයේ තුන්දින සම්මේලය අවසානයේදී සිය ආධාරකරුවන් අමතමින් ඔහු මේ බව පවසා ඇත.

ස්පාඤ්ඤයේ ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවට 1995දී නීතිගත වූ අතර, ඊට වසරකට පසුව එරට ලිංගික ශ්‍රමික ක්ෂේත්‍රය යූරෝ බිලියන 3.7ක් බවට එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර තිබුණි.

වසර 2009දී සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ ස්පාඤ්ඤ පිරිමි තිදෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික සේවනය වෙනුවෙන් මුදල් වියදම් කරන බවයි.

වසර 2011 එක්සත් ජාතීන් ගේ සංවිධානයේ අධ්‍යයනයක දක්වා තිබුණේ තායිලන්තය හා ප්වෝටෝ රීකෝ යන රටවලින් පසුව ගණිකා වෘත්තිය සඳහා විශාලතම මධ්‍යස්ථානය ස්පාඤ්ඤය බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top