Oct 19, 2021

බාලිකා අධ්‍යාපනයට ඉඩ දෙන්නැයි මලාලා තලේබාන් සංවිධානයෙන් ඉල්ලයි

බාලිකා අධ්‍යාපනයට ඉඩ දෙන්නැයි මලාලා තලේබාන් සංවිධානයෙන් ඉල්ලයි
බාලිකා අධ්‍යාපනයට අවසර දෙන ලෙස නොබෙල් ත්‍යාගලාභිනී - මලාලා යූසෆ්සායි විසින් තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියි.
 
බීබීසී ලෝක සේවය සමග ඇය මෙලෙස අදහස් දක්වා ඇත.
 
එහිදී ඇය පවසා ඇත්තේ මේ වන විට ඇෆ්ගනිස්තානය තුළ නවතා ඇති බාලිකා අධ්‍යාපනය වසර කිහිපයක් දක්වා පැවතිය හැකි බවයි.
 
"මීට මාසයකට පෙර ඔවුන් පැහැදිලිවම නිවේදනය කළේ පිරිමි ළමයින්ට ඔවුන්ගේ පාසල්වලට යා හැකි බවයි. එසේ නම් ගැහැණු ළමයින් සඳහා එයම ඔවුන්ට කළ නොහැක්කේ ඇයි?," යැයි ඇය ප්‍රශ්ණ කර සිටියි.
 
(වීඩියෝ : බීබීසී)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top