Mar 24, 2017

කතකට පිහියෙන් ඇණපු කෙනා බලු ඩබලට කොටු වෙලා

කාන්තාවකට පිහියකින් ඇණීමට කටයුතු කළ පුද්ගලයෙකු අල්ලා ගැනීමට වීථි සුනඛයන් දෙදෙනෙකු සමත් වූ පුවතක් පිළිබඳව ඉන්දියාවේ මුම්බායි නුවරෙන් වාර්තා වේ.

ආර්. රඝුනාත් නැමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවා තමාගේ කලින් සේවය කළ කාර්යාලයේ කාන්තාවකට පිහියෙන් ඇණ ඇත. රඝුනාත් විසින් තමාට ලිංගික හිරිහැර සිදුකළැයි එම කාන්තාව විසින් චෝදනා කර ඇති අතර, ඒ හේතුවෙන් සැකකරුට සිය රැකියාව අහිමි වී තිබේ.

පිහිඇණුම් ප්‍රහාරය එල්ලවූ කාන්තාව ගේ කෑගැසීමත් සමග මෙම සුනඛයන් දෙදෙනා සැකකරු පසුපස පන්නා ඔහු ව සපා කා ඇති අතර, මේ හේතුවෙන් පැනයාමට නොහැකි වූ සැකකරුව අල්ලාගෙන පොලිසියට භාර දීමට අවට සිටියවුන් ට හැකිවී ඇත. සැකකරු ගේ බඩ ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.

බීබීසී හින්දි සේවයේ ඉම්රාන් කුරේෂි සමග අදහස් දක්වමින් මෙම සුනඛයන් බලාගන්නා ත්‍රීරෝද රථ රියදුරෙකු වන එස්. රමන් පවසා ඇත්තේ මොවුන් දෙදෙනාම හඳුන්වන්නේ පපී යන නාමයෙන් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top