Oct 27, 2021

5-11 අතර දරුවන්ට ෆයිසර් යෝග්‍යයි ලු! Featured

වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීම යෝග්‍ය බවට අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ (FDA) විශේෂඥයන් නිර්දේශ කර ඇත.

ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළදී හදිසි භාවිතය සඳහා ඉදිරියේදී ඊට අනුමැතිය ලැබෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉහත වයස් ඛාණ්ඩයේ දරුවන්ට සිය එන්නත සුදුසු බවට පර්යේෂණ දත්ත මගින් පෙන්නුම් කරන බව ෆයිසර් සමාගම සැප්තැම්බරයේදී නිවේදනය කර තිබුණි.

ඇමෙරිකාවේ මේ වන විටත් අවු. 12ට වැඩි දරුවන් සඳහන් ෆයිසර් එන්නත ලබාදෙමින් පවතියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top