Squid (ස්කුයිඩ්) ලෙස නම් කර ඇති මෙම ක්‍රිප්ටෝකරන්සි විශේෂයේ වටිනාකම පසුගිය අඟහරුවාදා දිනයේදී ඩොලර් ශතයක් ලෙස පැවතුනද, අද (සිකුරාදා) වන විට එහි වටිනාකම විසිගුණයකට වඩා වැඩිවී ඩොලර් 2.34ක් වී තිබේ.
Squid Game හා බැඳුනු අන්තර්ජාල ක්‍රීඩාවක් නොවැම්බරයේදී ආරම්භ වීමට නියමිත අතර, එහි ක්‍රීඩාකිරීමට බොහෝදෙනා විසින් මෙම Squid මිලදීගනු ඇතැයි පැවසේ.
ණය බරින් මිරිකුන දකුණු කොරියානු පුද්ගලයන් කණ්ඩායමක් රවටා (පසුව ස්වේච්ඡාවෙන්) මාරාන්තික ළමා ක්‍රීඩා තරඟාවලියකට සහභාගී කරවන කතාපුවතක් වන Squid Game, මේ වන විට නෙට්ෆ්ලික්ස් හි මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු නාට්‍ය මාලාව බවට පත්ව ඇත.