මංගල උත්සවයේ වාදනය වෙමින් තිබූ සංගීතය නැවැත්වීමට ගත් උත්සහයකදී ඔවුන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇත.
තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම තුවක්කුකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත්, ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියා කළ බවට ප්‍රතික්ෂේප කරන බවයි.
වසර 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළ අවධියේදී තලේබාන් සංවිධානය විසින් සංගීතය තහනම් කර තිබුණු නමුත් නව බලධාරීන් විසින් මේ දක්වා එවැනි තහනමක් පනවා නැත.
බීබීසී ලෝක සේවය වාර්තා කරන්නේ යුවළවල් 4ක් විවාහ වීමට නියමිත ව තිබූ ඉහත මංගල උත්සවයේ දී කලින් පටිගත කරන ලද සංගීතය වාදනය කිරීමට ප්‍රාදේශීය තලේබාන් නායකයාගෙන් අවසරද ගෙන තිබුණු බවයි.
කෙසේවෙතත්, රාත්‍රී කාලයේදී බලහත්කාරයෙන් ඇතුළට ගොස් ඇති තුවක්කුකරුවන් ශබ්ද විකාශන යන්ත්‍ර කඩා දැමීමට උත්සාහ කර ඇති අතර, උත්සවයේ ආරාධිතයන් ඊට විරෝධය දැක්වූ විට ඔවුන්ට වෙඩිතබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වෙන බව තලේබාන් ප්‍රකාශකයා පවසා ඇත.