Nov 01, 2021

Vax, වසරේ වචනය වෙයි

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ශබ්දකෝෂ කර්තෘවරුන් විසින් වසරේ වචනය ලෙස 'Vax' යන්න තෝරා තිබේ.
 
කොවිඩ්-19 හේතුවෙන් එන්නත්කරණයට සම්බන්ධ වචන භාවිතය 2021දී වැඩිවී තිබුණි. එන්නත් හෝ එන්නත්කරණය යන අරුත් ඇති මෙම වචනය, "වඩාත් කැපී පෙනෙන බලපෑමක්" ඇති කළ බැවින් එය පැහැදිලි තේරීමක් වූ බව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ ෆියෝනා මැක්ෆර්සන් පවසයි.
 
මෙම පදයේ ඉතිහාසය 1980 දශකය දක්වා දිවෙන නමුත් එය මේ වසර තෙක් බහුලව භාවිතා නොවුන බව ඇය කියා සිටියි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top