Nov 05, 2021

දිවාලි සැමරුමෙන් පසුව නවදිල්ලියේ වායු දූෂණය ඉහළට!

ඊයේ පැවති දිවාලි උත්සවයෙන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉතා දරුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ, රජය විසින් ගිනිකෙළි තහනමක් පනවා තිබුණද, නවදිල්ලි වැසියන් එම තහනම නොතකා දිගින් දිගටම දිවාලි උත්සවය සැමරීම හේතුවෙනි.

වාහන හා කාර්මික විමෝචන, දූවිලි හා කාලගුණ රටා හේතුවෙන් නවදිල්ලිය ලොව වඩාත්ම දූෂිත අගනුවර බවට පත්වී තිබේ.

අසල්වාසී ප්‍රාන්ත වල ගොවීන්, ශීත සමයේදී භෝග පිදුරු දහනය කිරීම මෙන්ම දිවාලි උත්සවය වෙනුවෙන් පත්තු කරන ගිනිකෙළි හේතුවෙන් එම ඍතුවේදී මෙම වායු දූෂණය තවදුරටත් වැඩිවන අතර, අඩු වේග සුළං විසින් මෙම දූෂක අංශු පහළ වායුගෝලයේ රඳවාතබා ගනියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top