විශාල කම්බි වැටක් ආසන්නයේ පුද්ගලයන් සිය ගණනක් පමණ සිටින අයුරු හා ඇතැමුන් බලහත්කාරයෙන් ඇතුල් වීමට තැත් කළ අයුරු වීඩියෝ දසුන් වල දැක්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පෝලන්ත රජය විසින් ඊයේ දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර, දේශසීමා ප්‍රදේශයට හමුදා සෙබළුන් 12,000ක් යොදවා ඇත.
සංක්‍රමණිකයන් දේශසීමා දෙසට තල්ලු කරන බවට බෙලරුසියාවට චෝදනා කරන පෝලන්තය, එය සතුරු ක්‍රියාවක් බව පවසයි.
පසුගිය කාලය තුළදී බෙලරුස් සිට නීති විරෝධී ලෙස තම රටවලට ඇතුළු වීමට උත්සාහ කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පෝලන්තය, ලිතුවේනියාව සහ ලැට්වියාව පවසයි. මෙම සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ ඇත්තේ මැද පෙරදිග සහ ආසියාවෙනි.