Nov 11, 2021

ඊසාන දිග චීනයේ වාර්තාගත හිමපතනයක්

ඊසාන දිග චීනයේ හිම කුණාටු සහිත වාර්තාගත හිමපතනයක් සිදුවී ඇතැයි වාර්තා වේ.

ලියාඕනිං පළාතේ අගනගරය වන ෂෙන්යං නගරයෙන් අඟල් 20ක පමණ හිමපතනයත් වාර්තා වී ඇති අතර, චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය පවසන්නේ මෙය 1905 වසරට පසුව එම නගරයෙන් වාර්තා වූ වැඩිම හිමපතනය බවයි.

ලියාඕනිං හි අසල්වාසී ප්‍රදේශය වන ඉනර් මොංගෝලියා ප්‍රදේශයේ ඇති වූ හිම කුණාටුවකින් පුද්ගලයන් 5,600කට බලපෑම් සිදුවී ඇති අතර, එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඉනර් මොංගෝලියා ප්‍රදේශය හා ඊසාන දිග චීනය පුරාවට දැඩි හිමපතනය සඳහා එරට කාලගුණ විද්‍ය බලධාරීන් විසින් රතු නිවේදන 27ක් නිකුත් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top