Nov 14, 2021

ගෝනුස්සන් නිසා 450කට තුවාල!

ගෝනුසු දෂ්ඨ කිරීම් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් 450ක් පමණ තුවාල ලැබූ පුවතක් දකුණු දිග ඊජිප්තුවේ අස්වාන් නගරෙන් වාර්තා වේ.

එම ප්‍රදේශ වල ඇති වූ දරුණු වැසි කුණාටු හේතුවෙන් ගෝනුස්සන් වීදී වලට හා නිවෙස් වලට ඇදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පවසයි.

ඊජිප්තුව යනු ලොව විෂම ගෝනුස්සන් විශේෂයක් වන fat-tailed scorpion හි නිවහනයි.

අයහපත් කාලගුණය හේතුවෙන් සර්පයන් ද ඇදී එන බව පැවසේ.

ගස්වැල් අධික ස්ථාන වල නොරැඳී නිවෙස් වලට වී සිටින ලෙස ජනතාවගෙන් බලධාරීන් ඉල්ලා ඇත.

කඳුකර සහ කාන්තාර ආශ්‍රිත ගම්මානවල ඇති වෛද්‍ය මධ්‍යස්ථාන වෙතට ප්‍රති-විෂ නාශක අතිරේක මාත්‍රා තොග ලබා දී ඇති බව සෞඛ්‍ය නිලධාරියෙක් පැවසූ බව Al-Ahram ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top