Nov 15, 2021

ගඩාෆි ගේ පුත්‍රයා ජනපති සටනට!

ලබන මස ලිබියාවේ පැවැත්වෙන එරට ප්‍රථම සෘජු ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස, එරට හිටපු නායක මුවම්මර් අල්-ගඩාෆිගේ පුත්‍රයා ලියාපදිංචි වී තිබේ.

අතීතයේදී සිය පියාගේ උරුමක්කරු ලෙස සිටි සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි, විසර 2011දී නැගී සිටි ලිබියාවේ කැරැලිකරුවන්ට එරෙහිව කුරිරු ලෙස මර්දනය කිරීමේ ප්‍රතිපත්තියට සහය දැක්වූ අතර, මෙමගින් ඔහුගේ ප්‍රතිරූපයට කැළලක් ඇතිවිය.

දෙසැම්බර් 24දාට පැවැත්වීමට නියමිත ලිබියානු ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ නොවනු ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයන් බිය පළ කරයි.

කෙසේවෙතත්, මෙහි කටයුතු වලට බාධා එල්ල කිරීමට හෝ එහි ප්‍රථිඵල වෙනස් කිරීමට උත්සහ ගන්නා ඕනෑම කෙනෙකු හට සම්බාධක වලට මුහුණදීමට සිදුවන බව ලෝක බලවතුන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අනතුරු අඟවා ඇත.

සිය පියගේ මරණයෙන් පසුව සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ද වසර 6ක් පුරාවට හමුදා භාරයේ රඳවාගනු ලැබුණි. ඔහුව මරණ දණ්ඬණයටච නියම කෙරුණද, පසුව එම තීන්දුව වෙනස් කෙරුණි.

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තවමත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙකු වුවද, ක්‍රමක්‍රමයෙන් යළිත් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණීමට ඔහු සමත් වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top