Nov 17, 2021

උගන්ඩානු බෝම්බ ප්‍රහාරය, IS ප්‍රහාරයක්

උගන්ඩාවේ කම්පාලා අගනුවරින් ඊයේ (16) වාර්තා වූ බෝම්බ ප්‍රහාර සිදුකළේ තමන් බව IS ත්‍රස්ත සංවිධානය පවසයි.

IS හි ප්‍රවෘත්ති ඒජන්සිය වන 'අමාක්' පවසා ඇත්තේ උගන්ඩාව යනු මධ්‍යම අප්‍රිකාවේ IS සටන්කරුවන්ට එරෙහි යුදවදින රටවලින් එකක් බවයි.

මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් අනතුරුව උගන්ඩාවෙන් වාර්තා වූ ප්‍රහාර වලට IS සංවිධානය වගකීම භාරගෙන ඇත්තේ තෙවැනි වරටයි.

ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයන් තිදෙනෙකු හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු  මිය ගොස් තිබුණු අතර, පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

උගන්ඩානු පොලිසිය පවසා තිබුණේ සිවුවැනි බෝම්බකරු යැයි සැකකෙරෙන පුද්ගලයෙකු පසුපස හඹාගොස්, වෙඩි තබා ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top