මේ කරුණ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්රකාශ කර තිබේ.
රාජ්යතාන්ත්රික වර්ජනයක් සිදුවුවහොත් එම උළෙලට කිසිඳු ඇමෙරිකානු නිලධාරියෙකු සහභාගී නොවනු ඇත. කෙසේවෙතත්, ඇමෙරිකානු ක්රීඩක ක්රීඩිකාවන් හට ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වීමට මෙය බාධාවක් නොවනු ඇත.
මේ පිළිබඳව හෙළිදරව් වන්නේ ඇමෙරිකානු හා චීන ජනාධිපතිවරුන් අතර සිදුවූ පළමු ඍජු සාකච්ඡාව පවත්වා දින කිහිපයකට අනතුරුවයි.
අන්තර්ජාලය ඔස්සේ පසුගිය සඳුදා දින පැවති මෙම හමුව පැය 3ක් පුරාවට පමණ සිදුවූ නමුත්, බීජිං ශීත ඍතු ඔලිම්පික් ක්රීඩා උළෙල පිළිබඳව එහිදී කතාබහක් ඇති නොවුනු බව ඇමෙරිකානු ජනපතිවරයාගේ ප්රකාශිකාව වන ජෙන් සාකි පවසයි.