Nov 19, 2021

ගොවි බලය හමුවේ මෝදි පසුබසියි

වසරක් පුරාවට පැවති ගොවි විරෝධතා හමුවේ, දැඩි මතභේදයට තුඩුදුන් ගොවි පනත් 3ක් අහෝසි කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්රත මෝදි මහතා තීරණය කර තිබේ.

මේ බව ඉන්දීය අග්රාතමත්යාවරයා අද ප්රතකාශයට පත්කර තිබුණි.

2020 වසරේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් එම නීති සඳහා එරට ගොවීන් විරෝධය දක්වා තිබුණේ දැඩි හිරු රශ්මිය, සීතල හා කොවිඩ්-19 වසංගතය ද නොතකාය.

කෙසේවෙතත් ඉන්දීය මාධ්යය වාර්තා කර තිබුණේ, පන්ජාබ් සහ උත්තර් ප්රනදේශ් ඇතුළු ප්රා න්ත 5ක පැවැත්වීමට නියමිත මැතිවරණ, මෙම තීරණය ගැනීමට හේතුව විය හැකි බවයි.

මෝදි විසින් දිගින් දිගටම පවසා තිබුණේ මෙම නීති ගොවීන්ට යහපත් බවයි. කෙසේවෙතත්, ගොවීන් පවසා තිබුණේ මෙමගින් සිය ආදායමට මරු පහරක් එල්ල වනු ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top