Nov 23, 2021

ප්‍රංශ අගමැතිටත් කොවිඩ්

ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් (Jean Castex) මහතාට කොවිඩ්-19 ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

කැස්ටෙක්ස් මහතාගේ එක් දියණියකට කොවිඩ් ආසාදනයවී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව සිදුකළ පීසීආර් පරික්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ ඔහුද කොවිඩ් ආසාදිතයෙකු බවයි.

කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවීමට පෙර ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී එරට අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩික්රූ මහතා සමග ඊයේ (22) සාකච්ඡාවක්ද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටියි.

ඔහුට කොවිඩ්-19 වැළඳී ඇත්තේ කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබා සිටියදීය.

සිය කාර්යාලයේ වැඩකටයුතු වල නිරත වීමට පෙර කැස්ටෙක්ස් මහතා දින 10ක් හුදකලා වන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

පසුගිය වසරේදී ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් හා ජනපති ආර්යාවට ද කොවිඩ්-19 ආසාදනය විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top