Nov 23, 2021

වීසා වලංගු ද?, කොරෝනා නෙගටිව් ද? - ඕස්ට්‍රේලියාව අහයි

පූර්ණ එන්නත්කරණයට ලක්වූ වලංගු වීසා බලපත් හිමියන්ට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබන පළවැනිදා සිට ඕස්ටේ‍්‍රලියාවට ඇතුලුවීමට අවසර ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශිෂ්‍යයන්, නිපුණතා ශ්‍රමිකයන් සහ සරණාගත වීසා දරන්නන්ට මෙහිදී වැඩි අවස්ථාවක් හිමිවන බවද එමෙන්ම අදාළ පුද්ගලයින් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතු බවද ඕස්ටේ‍්‍රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සඳහන් කරයි.

සේවක හිගය මගහරවාලීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් ඉදිරි මාස කිහිපය තුළ එරටට ගෙන්වා ගැනීම ඔවුන්ගේ සැළසුම වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top